පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්අඩංගුවේ – ජොන්ස්ටන් හෙට ගනියි ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට දිනයේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගිය 09 වනදා ගෝඨාගෝගම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් නම්කර සිටි සැකකරුවන් 22 නා අතර මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේද නම් සඳහන් විය.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් මඟින් දැනුම්දී ඇති අතර පොලිස්පතිවරයා විසින්ද නීතිපති උපදෙස් පිළිපදින්නැයි දැනුම්දී තිබිණි.
එම සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න සහ තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටියි. මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් කිරීමෙන් පසු පැමිණ සිටින මුත් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.
එම සැකකරුවන් 22 සම්බන්ධයෙන් ඝෘජු, අවස්ථානුකූල සහ තාක්ෂණික සාක්ෂි ඇත්නම් ඔවුන්ව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එසේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට එරෙහිව අපරාධ නීති සංග්‍රහය යටතේ නඩු පවරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.
එම ලිපියේ සඳහන් සැකකරුවන් මෙසේය,
01. පා.ම ජොන්ස්ටන් ප්‍රනාන්දු
02. පා.ම සනත් නිශාන්ත
03. පා.ම සංජීව එදිරිමාන්න
04. පා.ම මිලාන් ජයතිලක
05. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්
06. ඩෑන් ප්‍රියසාද්
07. මහින්ද කහඳගම
08. නාලක විජේසිංහ
09. බන්දුල ජයමාන්න
10. දිනෙත් ගීතක
11. සමන්ලාල් ප්‍රනාන්දු
12. අරාබි වසන්ත
13. සුභාෂ් (දෙහිවල නගර සභාව)
14. අමල් සිල්වා
15. සමීර චතුරංග ආරියරත්න
16. රුවන් වැල්ලේ රමණී
17. තුෂිත රණබාහු
18. සජිත් සාරංග
19. පුෂ්පලාල් කුමාරසිංහ
20. නිශාන්ත මෙන්ඩිස්
21. පුෂ්පකුමාර (හිටපු හමුදා සෙබළ)
22. සවීන් ප්‍රනාන්දු (වෙන්නප්පුව)
 

Leave a Reply

Your email address will not be published.