නියොජ්‍ය කතානායක ලෙස ඡන්දයෙන් අජිත් රාජපක්ෂ පත්වෙයි

සමගි ජන බලවේගය රෝහිණි කවිරත්න මහත්මියගේ නියෝජ්‍ය කතානායක ධුරයට යෝජනා කල අතර ආණ්ඩුව අජිත් රාජපක්ෂගේ නම යෝජනා කිරීම නිසා පාර්ලිමේන්තුව තුල අද (17) උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පසුව කතානායක වරයා ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ කළේය.
රහස් ඡන්ද විමසීමෙන් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ ඡන්ද ඡන්ද 109ක් ලබා තේරී පත්වුණි. මේ අතර රෝහිණි කවිරත්න මහත්මියට ඡන්ද 78 ලැබිණි. අවලංගු වු ඡන්ද ගණන 23කි.