“මහින්ද ඇතුළු මැරයන් වහාම අත්අඩංගුවට ගනු…” ජවිපෙ තරුණ සංගම⁣ය පොලිස් මූලස්ථානයට යයි

ගෝඨාභය ගෙදර යනු !
ගෝඨා රනිල් මාළිගා කුමන්ත්‍රණ පරදවමු !
ගෝල්ෆේස් අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයන් වහාම අත් අඩංගුවට ගනු !
අනීතික අත් අඩංගුවට ගත් සියළු දෙනා නිදහස් කරනු !
ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය වන සමාජවාදී තරුණ සංගමය විසින් තරුණ තරුණියන් දහස් ගණනක් සමග ඊයේ (16) පස්වරුවේ පොලිස් මූලස්ථානය වැටලූහ.
ඒ සාමකාමී ගෝල්ෆේස් අරගලයේ නිරතව සිටි තරුණ තරුණියන්ට, පසුගිය 09වෙනිදා අරලියගහ මන්දිරයෙන් පැමිණි මැර පිරිසක් එල්ල කළ මර ප්‍රහාරයට සම්බන්ද එවකට අගමැති මහින්ද රාජපක්ෂ සහ සිය මන්තිවරුන් ඇතුළු පිරිස වාහම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමිණි. මෙම අව්සථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, එහි ජාතික කමිටු සාමාජිකයින් වන විශ්ව විමුක්ති, නීතීඥ ශානිකා ද සිල්වා, මහේෂ් අඹේපිටිය, අංජන සම්පත් අමරසිංහ ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
මෙම ආණ්ඩු විරෝධී උද්ඝෝෂනය පා ගමනට සමාජවාදී තරුණ සංගමයට සහය දීම සඳහා විවිධ සංවිධාන නියෝජිතයන් සහ කලාකරුවන්ද එක්ව සිටියේය.
සමාජවාදී තරුණ සංගමය ඊයේ(16) දින සංවිධානය කල ආණ්ඩු විරෝධී උද්ඝෝෂනය පා ගමනින් පොලිස් මූලස්ථානය වෙත පැමිනි අවස්ථාව…
Facebook

Leave a Reply

Your email address will not be published.