ගෝඨාභය, රනිල් ආණ්ඩුවේ ඇමතිකම් බාර ගන්න අය නෑ

දෙවන වතාවටත් මුදල් ඇමති ධුරය බාර ගැනීම අලි සබ්‍රි ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ප්‍රධාන අමාත්‍ය ධුර කීපයක් සහ වෙනත් අමාත්‍ය ධුර ගණනාවක් බාර ගැනීමට ආණ්ඩුවේ මන්ත්‍රීන් ඉදිරිපත් නොවන බව ජනාධිපති මන්දිරයේ ආරංචි මාර්ගවලින් හෙළිවේ.
ඊයේ (14) සවස්වන විට අමාත්‍ය ධූර අටක් බාර ගැනීමට සූදානම් වී සිටියද එයින් ඇමති ධුර බාරගෙන ඇත්තේ සිව් දෙනෙකු පමණි. මෙයට ප්‍රධානම හේතුව අගමැති රනිල් වික්‍රමසිංහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා බව කියමින් පත්කරන ලද තම පක්‍ෂයේ කණ්ඩායමේ නායකයින්ගෙන් සමන්විත කමිටුව බව එම ආරංචිමාර්ග දක්වා තිබේ. ආරම්භයේදීම රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරන අත්තනෝමතික සහ බලය දිගේලි කිරීමේ ක්‍රියාමාර්ග තුළින් ඉදිරියේදී බරපතළ අර්බුද ඇතිවිය හැකි නිසා ඇමති ධුර බාර ගැනීමට ඉදිරිපත් නොවන බව මැළි වන බව වාර්තා වේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.