“රාජපක්ෂ පවුල්වාදය යලි ස්ථාපනය කිරීමේ ඉන්දීය තක්කඩි මාධ්‍ය මෙහෙයුමක්”

ඉන්දියාවේ The Hindu වෙබ් අඩවිය ප්‍රවෘත්ති වාර්තාවක් පළකරමින් මෙරටට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ අනතුරු ඇඟවීම රාජපක්ෂ පවුල්වාදය යලි ස්ථාපනය කිරීමේ අරමුණින් පළ කරන ප්‍රවෘත්තියක් දැයි බරපතල සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක දක්වා තිබේ.
ඔහු මෙම සැකය මතු කර ඇත්තේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය. එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ රාජපක්ෂ පවුල් පාලනය තහවුරු කිරීම සඳහා ජනවාර්ගික හැඟීම් උත්සන්න කිරීමට මෙවැනි ප්‍රවෘත්තියක් පළ කළේ දැයි සැක මතුවන බවය.
එසේම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ සොයා ගත් තොරතුරු ජනමාධ්‍යයට ලබා නොදී මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් නිවැරදි ක්‍රමවේදය පිළිබඳව ද එම සටහනෙන් අවධානය යොමු කර තිබේ. මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දක්වා තිබෙන්නේ හින්දු වෙබ් අඩවියේ පළකරන ලද ප්‍රවෘත්තිය සාමාන්‍ය තොරතුරක් බවය.
මේ අතර භාරතීය ජනතා පක්ෂයේ සභාපති සුබ්‍රමනියම් ස්වාමි ඔහුගේ ට්විටර් ගිණුමේ සටහන් තබමින් රාජපක්ෂලාගේ ආරක්ෂාවට ඉන්දීය හමුදාව යෙදවිය යුතු බවට දිගටම මත පළකරමින් සිටී.

Leave a Reply

Your email address will not be published.