ජනාධිපති ගෝඨාභය රනිල් ට ලෝක වාර්තා පිහිටුවීමට අවස්තාව දෙයි !!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (12) පස්වරුවේ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමත් සමග 6 වැනි වරටත් අගමැති ලෙස දිවුරුම් දුන් ලෝක එකම අගමැති ලෙස වාර්තාවක් පිහිටුවා තිබේ.
එසේම මහමැතිවරණයකදී මනාප 20,000ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් ලබා ගනිමින් පරාජයට පත්ව, පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්, තම පක්ෂයේ එකම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු පැමිණ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ වෙනත් අයෙකු ශ්‍රී ලංකා ඉතිහාසයෙහි හෝ ලෝක ඉතිහාසයෙහිවත් නැත.
ඊයේ (11) ජාතිය ඇමතූ ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ “මම මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනවා.” යනුවෙනි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.