ආණ්ඩුවේ බදු සංශෝධනයෙන් සහනත් නෑ, ආදායමත් නෑ

Read Time:3 Minute, 15 Second

ප්‍රියදර්ශන දයාරත්න

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවයාගේ ආණ්ඩුව හඳුන්වා දෙන ලද බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීමේ ඉලක්ක හරි අඩකින් බිඳවැටී ජනතාවට සහන ද නොලැබෙන බව ආණ්ඩුව පිළිගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ.

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක, අජිත් නිවාඞ් කබ්රාල් පසුගිය 23 වැනිදා එම දෙපාර්තමේන්තුවේ සංචාරයක නිරත වී ඉහළ පෙළේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ දී පවතින අනතුර පිළිගෙන තිබිණි. රජයේ නව බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහි දී මූලික වශයෙන් සාකච්ඡා කර ඇත. එම දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් විසින් මෙහි දී සාක්‍ෂි සහිතව කරුණු ඉදිරිපත් කර තිබේ.

පසුගිය වසරේ එම දෙපාර්තමේන්තුවේ බදු රැස් කිරීමේ ඉලක්කය රුපියල් කෝටි 80,000ක් වූ අතර, එය රුපියල් කෝටි 79,000ක් දක්වා සම්පූර්ණ කර ඇති බව තහවුරු කර තිබේ. මෙම වසර වෙනුවෙන් ඉලක්ක කර තිබෙන බදු රැස් කිරීම රුපියල් කෝටි ලක්‍ෂයක් බව ද, එහෙත් මෙම සංශෝධන නිසා එය රුපියල් කෝටි 48,000ක් දක්වා බිඳවැටීමේ අවදානම පැහැදිලි කර ඇත. මේ නිසා ජනතාවට අවම වශයෙන් ලැබී තිබුණු නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ද බිඳවැටී, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීම පවා අර්බුදයකට යන තත්ත්වයක් නිර්මාණය වීමේ අනතුර පෙන්වා දී ඇත.

බදු සංශෝධනය කිරීමේ ආණ්ඩුවේ සැලැසුම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ක්‍රියාත්මක කළේ නම්, බදු සහන ලබා දෙන අතර, එම දෙපාර්තමේන්තුවේ ආදායම් රැකගැනීමේ විකල්ප යෝජනා ද ඉදිරිපත් කිරීමේ හැකියාව තිබූ බව ඉහළ පෙළේ නිලධාරීන් පෙන්වා දී ඇත. නමුත්, එසේ ක්‍රියා නොකිරීම නිසා රජයේ ආදායම් සම්බන්ධයෙන් ඉදිරි මාස තුනක කාලය අතිශය තීරණාත්මක බිඳවැටීම් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

ආණ්ඩුවේ බදු සංශෝධන තුළින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අමතරව රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන රජයේ ප්‍රධාන ආදායම් රැස් කිරීමේ දෙපාර්තමේන්තු දෙක ද බරපතළ අර්බුදයකට යා හැකි යැයි අනතුරු ඇඟ වේ. අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක මෙම කරුණු පිළිගනිමින්, සාකච්ඡාව නිම කළ බවට තොරතුරු අනාවරණය වේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ‘විෂම භාග’ පන්ති ඇසින් සුළු නොකරන්න
Next post ලංකා 2020-02-02