ඇහැට ඇහැක් ගන්න ගියොත් අපි ඔක්කොම අන්ධ වෙයි ! – කලාකරුවෝ, වෘත්තිකයෝ ගෝල්ෆේස්හිදී අවධාරණය කරති

‘ගෝල්ෆේස් ප්‍රහාරය රාජපක්ෂ පවුලේ වුවමනාවට විතරක් කරපු වැඩක්. අපි හැමෝම මේක ප්‍රචණ්ඩත්වයෙන් මුදාගන්න උපරිම උත්සාහය ගත්තා. මෙතැන හැමෝම උත්සාහ කළේ අපේ පැත්තෙන් වෙන පහරදීම් වළක්වගන්න. ඇහැට ඇහැක් ඉල්ලමින් මේ අරගලය අරන් යන්න ගියොත්, අපි ඔක්කොම අන්ධ වෙලා නවතින්නෙ.’
– රංගන ශිල්පි, චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ
‘ආපහු අපිට බෙදෙන්න වෙලාවක් නෑ. බෙදන්න කතා ගොඩක් කියයි. ඔවුන් පරණ උත්සාහය උපරිම දරයි. ඒත් අපි බුද්ධිමත් ව වැඩ කරමු.’
– සංගීතඥ කසුන් කල්හාර
‘ඔවුන් පහරදුන්නෙ මේ සාමකාමී බිමට. කඳුළු ගෑස් ගැහුවෙ මේ සාමකාමී බිමට. ඒක මෙහෙයවපු දේශබන්දු තෙන්නකෝන් විශේෂ වෙන්නෙ කොහොමද. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි?’ – නීතිඥ සුසන්ත දොඩාවත්ත
‘ඔවුන්ගේ සැඟවුණු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා. – සමනලී ෆොන්සේකා
‘හදිසි නීතිය සහ ප්‍රචණ්ඩත්වය අතර බරපතළ තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්. හදිසි නීති රෙගුලාසි යටතේ අපරාධයකට සම්බන්ධ යැයි සැකපිට නිශ්චල-චංචල දේපොළ අත්පත්කරගන්න පුළුවන්. භාෂණයේ නිදහස සීමාකරන්න පුළුවන්. මේ ප්‍රචණ්ඩත්වයට මුවාවෙලා, හදිසි නීතිය යොදාගෙන මේ සමස්ත අරගලය නවත්තන්න ආණ්ඩුව කටයුතු කරන්න පුළුවන්. ඒ අවස්ථාව දෙන්නම එපා.’
– නීතිඥ උපුල් කුමරප්පෙරුම

සබැඳි

Leave a Reply

Your email address will not be published.