ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි තීරණයක

රටම ගිනිතබමින් ඊයේ (09) දිනයේදී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවල ප්‍රධාන වගකීම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වූ අරලියගහ මැදුරේ පැවති උත්සවය සංවිධානය කළ සහ ඊට සහභාගී වූ පිරිස භාරගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
මෙම මැර පිරිස අරලියගහ මැදුරෙන් පිටත්වී සාමකාමී විරෝධතා ස්ථාන කරා නික්මුණ හෙයින් එහි වගකීමෙන් මිදීමට මහින්ද රාජපක්ෂට නොහැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
ගාලුමුවදොර සාමකාමී විරෝධතා පැවැත්වෙන ස්ථානවලට එල්ලකරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ කනස්සල්ල පළකරන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
පොලීසිය උද්ඝෝෂණවලදී මිට පෙර ක්‍රියාකළ ආකාරයට යුහුසුළුව මෙම ප්‍රහාරය එල්ලකළ පිරිසට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගැනීම අවධාරණයට ලක්විය යුතු කරුණකැයි ද අරලියගහ මැදුරෙන් නිකුත්කළ ප්‍රචණ්ඩත්වය හරහා ජනාධිපතිවරයා ඇතුළු සමස්ත පාලනය කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් පළුදු කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීම සඳහා බලධාරීන් විසින් වහාම අනුගමනය කළ යුතු පියවර 4ක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වැඩිදුරටත් ඉදිරිපත් කර තිබේ.
අනුගමනය කළ යුතු පියවර 4 මෙන්ම සම්පූර්ණ නිවේදනය මෙසේය.

 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.