රටම ඇවිලූ මහින්ද ඇතුළු සමීපතමයන් පිරිස අරලියගහ මැදුරෙන් පලාගියේ අද අලුයම

හිටපු අගමැති සිය පාක්‍ෂිකයන් ඇරබු බීෂනයත් සමඟ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඊයේ (09) පස්වරුවේ සිට පැවැති මහජන විරෝධතා අද අලුයම් කාලය දක්වා අඛණ්ඩව පැවතුනි. මේ අතර ඉල්ලා අස්වූ අගමැතිවරයා සහ තවත් පිරිස් රැදී සිටි අරලියගහ මන්දිරයේ ගේට්ටු බිඳදමා ඊට ඇතුළුවීමට උත්සහ කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ මධ්‍යම රාත්‍රිය ළඟාවීමට ආසන්නව තිබියදීය.
ඒ මොහොත වන විට අරලියගහ මන්දිරය අවට තත්ත්වය පාලනය කිරීමට යුධ, ගුවන් සහ නාවික හමුදා භට කණ්ඩායම් ද කැඳවා තිබිණි. මේ අතරතුර විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් මෙන්ම අහසට වෙඩි තැබීමක් ද සිදුළේය. කෙසේ වෙතත් අද අලුයම 02 ට පමණ අතිරේක හමුදා බලඇණි 03 ක් කැඳවා අරලියගහ මන්දිරය වටකර සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත් අතර ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂ සහ සමීපතමයන් මැදුරෙන් පිටතටගත් ගෙන තිබේ.
මෙලෙස වටකිරීමත් සමඟම අද (10) අලුයම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු සමීපතමයන් පිරිස අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ආරක්‍ෂිත කඳවුරක සිටින බව වාර්තා වේ. ඔහු පිටත්ව ගිය තැන පිළිබඳව විවිධ තොරතුරු වාර්තා වන අතර ආරක්ෂක අංශ වල රැකවරණ හොදින් ඇති ස්ථානයක වාසය කරන බව සඳහන් වුනත් ඒ කිසිවක් තහවුරු කළ වාර්තා නොවන බව පැවසෙයි.

Leave a Reply

Your email address will not be published.