වීරවංශගේ හෝකන්දර නිවසට ද ගිනි තබයි

වත්මන් ආණ්ඩුවට බලය ගන්නට සුදානම් වන විට මහින්ද රාජපක්‍ෂට හා ගෝඨාබහ රාජපක්‍ෂ මහතීර් මොහොමඩ් සහ ලීක් වාන් යු ට සමාන කල පසුව රාජපක්ෂ ආණ්ඩුවේ සිට දොට්ට දැමීමෙන් පසුව ව්‍යාජ ආණ්ඩු විරෝධයක් මවාපෑ විමල් වීරවංශගේ නිවසටද විරෝධතාකරුවන් ගිනි තබා තිබේ.
මේ අතර මුදල් අමාත්‍ය අලි සබ්රිගේ නිවසද ගිනි තබා විනාශ කර තිබෙන බව වාර්තා වේ.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විමල් වීරවංශ පැවසුවේ ස්ථිර නොවූ සේවකයන් ස්ථිර නොකරන බවට තර්ජනය කර අද අරලියගහ මන්දිරය වෙතපාක්ෂිකයන් කැඳවාගෙන ඇති බවයි.
“මේ සිද්ධි ඔක්කොම වුණාට පස්සේ ඉල්ලා අස්වෙන එක නෙමෙයි. මේවා මෙතෙන්නට එන්නට කලින් ඉල්ලා අස්වෙන්න නොදුන්නේ කවුද ? අද ඔය අරලියගහ මන්දිරයට කැඳවපු මිනිස්සුන්ට උද්වේගකර ආවේගශීලි කතා පවත්වලා ප්‍රචන්ඩත්වයට පෙළඹෙව්වේ කවුද ? ජොන්ස්ටන් අමාත්‍යවරයා ඇතුළු කල්ලියක් තමයි බැසිල් රාජපක්ෂගේ උපදෙස් හා මඟපෙන්නවීම මත හොරාකාපු සල්ලි වියදම්කරගෙන තමයි. ඒ තමන්ගේ පාක්ෂිකයා උසිගන්වලා, කුළු ගන්නවලා තමයි විරෝධතාකරුවන් එළවලා දාන්නත්, පහරදෙන්නත්,කටයුතු කළේ.” යැයි පැවසීය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.