රාජපක්ෂ පවුලේ පාරම්පරික මැදමුලන නිවසට ප්‍රහාරයක්

රටේම මැති ඇමති නිවෙස් ගිනිගනිද්දී රාජපක්ෂ පවුලේ පාරම්පරික නිවස ලෙස හඳුන්වන මැදමුලන නිවසටද විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇති මාධ්‍ය වාර්තා පවසයි.
අද (09) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ විසින් පොහොට්ටු ආධාරකරුවන් සහ හොහොට්ටුවේ මැරයන් අමතමින් අරලියගහ මන්දිරයේ තමන් ඉවත් නොවන බව පැවසූ අතර ඉන් පසුව එතනින් පිටවූ පොහොට්ටුවේ පිරිස් ඉතාමත් අමානුෂික ලෙස අරලියගහ මැදුර ඉදිරිපිට සහ ගාලුමුවදොර ‘ගෝටාගෝගම’ විරෝධතාකරුවන්ට පොලුමුගුරු වලින් පහර දී ගිනිතබමින් තිබිණි.
ඒ සමඟම රටපුරා වූ ආණ්ඩු විරෝධී සාමකාමී අරගල ස්ථාන වලටද පොහොට්ටු ආධාරකරුවන විසින් පහරදී තිබුණේ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය පොහොට්ටු දේශපාලකයන් විසිනි.
ඊට පසුව රට පුරාම ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පැන නැගුණු අතර මැති ඇමති නිවාස, වාහන ඇතුළු බොහෝ දේ තවමත් ගිනිබත් කරමින් සිටියි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.