‘අගමැති මහින්ද රැකගනිමු’ ද?, මහින්ද ධුරයෙන් ඉල්ලා අස්වෙයිද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම පක්‍ෂයේ පළාත්පාලන මන්ත්‍රීවරුන් අද දිනයේ කැඳවා තිබේ.
මෙහිදී ගන්නා තීරණය අනුව ජනාධිපති කළ ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවත් පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
රට පාලනය කරගෙනයාමට නිසි ක්‍රමවේදයක් ඇත්නම් අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේදී සදහන් කර තිබෙන බව ඊයේ වාර්තා විය. ‘අගමැති මහින්ද රැකගනිමු’ යන තේමාවෙන් අගමැතිවරයාට සහාය පල කරමින් සිදු කරන විරෝධතාවක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැසක් කැඳවා ඇති බවද වාර්තා වේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.