මාධ්‍ය ලේකම්ගේ කතාව බොරු – අගමැති සඳුදා අස්වෙනවා !!

ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කිසිදු ඉල්ලීමක් කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තහවුරු කළ බවට අගමැති මාධ්‍ය ලේකම්වරයා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කරයි.
අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා පවසන්නේ, රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ බවය.
ඊයේ (06) පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දන්වා තිබිණ.
ඒ අනුව එළඹෙන සඳුදා දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසයි.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා ඉල්ලා අස්වූ  වහාම කැබිනට් මණ්ඩලය අහෝසිවී යන බැවින් එළඹෙන සතියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.