මහින්ද ඉල්ලා අස්වෙයි – ඉක්මණින්ම මහ මැතිවරණයක්!

මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කරයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය සඳුදා (09) උදෑසන ඉල්ලා අස්වන බවට වාර්තා වෙයි.
කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වී නව අග්‍රාමාත්‍යවරයෙකු සමග අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බවට යෝජනා වී ඇති අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුලදී එකඟතාවක් දක්වා නොමැති නමුත් පසුව ඒ සඳහා කැමැත්ත පළ කරමින් පවසා ඇත්තේ ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව තමන් අග්‍රාමාත්‍ය ධුරය අත්හැර දැමීමට සූදානම් බවය.
ඊට අමතරව හෙට (07) දිනයේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමටත්, ආරක්ෂාව පිළිබඳ අවශ්‍ය තීන්දු කිහියක් ගැනීමට සහ හදිසි නීතිය පැනවීමට ඇති හැකියාව පිළිබඳ සළකා බැලීමටත් තීරණය කර තිබේ. ඉන් පසුවත් ජනතා අරගල තවදුරටත් වර්ධනය වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයකට යාම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.