අනුරුද්ධ බණ්ඩාර මිලියන 100ක වන්දියක් ඉල්ලයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
පෙත්සම්කාර අනුරුද්ධ බණ්ඩාර කියා සිටින්නේ ජනාධිපතිවරයා විවේචනය කළේ යැයි චෝදනා කරමින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට කටයුතු කළ බවය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් තමන්ව ඇප මත මුදා හල බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.