රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් 4දෙනාම රිමාන්ඩ්

රඹුක්කන පසුගියදා ඇතිවූ ජනතා විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මැයි 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (29) නියෝග කර තිබේ.
මේ අතර සෙසු පොලිස් කොස්තාපල්වරු තිදෙනා මැයි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.
අත්අඩංගුවට අන්නා විට කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ සහ සෙසු පොලිස් කොස්තාපල්වරු තිදෙනා කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහිදී කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මැයි 13දා දක්වා රිමාන්ඩ් කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මෙම පොලිස් නිලධාරීන් සිවුදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණි.
මීට පෙර, අද දිනයේදී කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ සහ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට නියෝග කර තිබුණේ රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිවුදෙනාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.