වෘත්තිය සමිති කොළඹදී “ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු”

ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දාහක් ඉක්මවා යමින් එක්ව පවත්වන දීප ව්‍යාපත් වැඩ වර්ජනය අතිශයෙන්ම සාර්ථක බව එහි සංවිධායකයන් පවසයි. රාජපක්ෂ පවුල් පාලනයට විරෝධය පාමින් අද (28) විරෝධතාවයට එක්වූ පිරිස ලක්ෂ දහය ඉක්මවූ බව වෘත්තිය සමිති නායකයන් කියා සිටියේය.
අද දිනයේ පැවැති වැඩ වර්ජනයත් සමඟ විරෝධතා පාගමනක් රට පුරා පැවැත්විණි. ප්‍රධාන විරෝධතා පාගමන් කිහිපයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වී ගාලුමුවදොර පිහිටි ගෝඨාගෝගම දක්වා ගමන්කළේය.
තමන් මෙම මෙම වැඩවර්ජනය හරහා ආණ්ඩුවට දැනුම් දෙන්නේ උපරිම වශයෙන් දින හතක් තුළ ආණ්ඩුව බලයෙන් ඉවත් විය යුතු බව වැඩවර්ජනයේ යෙදෙන පිරිස් පවසයි. එය නොතකා ආණ්ඩුව දිගටම බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් මැයි 6 වන දා රටපුරා හර්තාලයක් ද පවත්වන බව වෘත්තීය සමිති පවසයි.
සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය, දුම්රිය, විදුලි, තෙල්, වතු, තැපැල්, සමෘද්ධි, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, වතු කම්කරු ආදී සියලු ක්ෂේත්‍ර වන වැඩ කරන ජනතාව මෙම වැඩවර්ජනය සඳහා සහභාගි වී සිටියේය.
මෙම වැඩවර්ජනයට සමගාමීව කොළඹ ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට විරෝධතා උද්ඝෝෂණ පා ගමනක් පැවති අතර එහිදී ජනහමුවකද පවත්වන ලදී. මේ සඳහා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් ඇතුලු සාමාජිකයින් දහස් ගණනින් සහභාගී විය.





ඡායාරුප -රවින්ද්‍ර පුෂ්පකුමාර 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.