”ජනාධිපති මහ හූරා….අගමැති හූරා.. ඉල්ලා අස්වෙනු” ආදිවාසීහු කියති

දරාගත නොහැකි ජීවන බර හමුවේ ආණ්ඩුව පළවා හැරීමේ විරෝධතාවලට ආදීවාසීන් පවා එක්වෙමින් සිටින බව බීබීසී සන්දේශය වෙබ් අඩවිය ඊයේ (27) වාර්තා කළේය.
ජනාධිපති, අගමැති ඇතුළු රජය වහාම ඉල්ලා අස්විය යුතු බවත් පවසමින්, දලුකාන ආදිවාසී නායිකා කේ. ලිසිනෝනාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) උදේ ශාන්තිකර්මයක් පවත්වා ආණ්ඩුවට විරෝධය පළකරමින්, රුපියල් 240/-ක් දක්වා මේ වනවිට ඉහල නැග තිබෙන සහල් කිලෝවක මිල දරා ගත නොහැකි බවත් ඔවුන් අවධාරණය කළේය.
බීබීසී වෙබ් අඩවිය එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ මෙසේය.
උපුටා ගැනීම
”#GOTAGOHOME” ; ”මහ හූරා…අගමැති හූරා..දැන්වත් GO” ආදිවාසීහු කියති
ජනාධිපති, අගමැති ඇතුළු රජය වහාම ඉල්ලා අස්වී ජනතාවට සහන ලබා දීමට හැකි පිරිසකට රට පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට බලකරමින් දිඹුලාගල දලුකාන ආදිවාසිහු දේව කන්නලවුවක් සහ විරෝධතාවයක් සිදු කළහ.
කොළඹ ගාලු පිටියේ පැවැත්වෙන ජන අරගලයට එක්වීම සඳහා තමන්ට ආර්ථික ශක්තියක් නිසා දිඹුලාගල කඳු මුදුනට නැග මෙම විරෝධතාවය සිදු කළ බව දිඹුලාගල, දලුකාන ආදිවාසි නායිකාව පැවසුවාය.
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.