පාලකයන් තමන්ව රැවටූ බව මීගමු ජනතාව ජ.වි.පෙ.ට කියති

‘ගමෙන් පටන් ගමු’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර ඇති ගම දැනුම්වත් කිරීමේ වැඩසටහනට  මීගමුව ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති බවට වාර්තා වේ.
පසුගිය දා. මීගමුව නගරයේ පැවැති මෙම වැඩසටහනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ගම්පහ දිස්ත්‍රික් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පළාත් සභා මන්ත්‍රී ගුරු සංගම් නායක මහින්ද ජයසිංහ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක රංවල එක්ව සිටියහ.
වත්මන් පාලනයේ අසාර්ථකත්වය හේතුවෙන් මේ නත්තල් සමය එළැඹෙමින් තිබිය දී පවා සිය ව්‍යාපාර අඩපණ වී ඇතැයි ද, ප්‍රධාන පක්ෂ දෙකම තමන් රැවටීමට ලක් කර ඇතැයි ද මීගමුවේ ව්‍යාපාරික ප්‍රජාව ජවිපෙ නායකයන් හට පවසා ඇතැයි ඒ සම්බන්ධ යෙන් පළ වන මාධ්‍ය වාර්තා හෙළි කර තිබේ●
ශිවන්තිකා මුතුගලගේ – මීගමුව.

සබැඳි

Leave a Reply

Your email address will not be published.