“පක්‍ෂය ගොඩගන්න කිසිදු වැඩ පිළිවෙලක් පෙනෙන්නවත් නෑ”, අර්ජුන ඉල්ලා අස්වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කල බව සිය ඉල්ලා අස්වීමේ ලිපිය එජාප නායකයාට ඉදිරිපත් කරමින් පවසයි.
පසුගිය 2020 මහ මැතිවරණයෙන් එක් මන්ත්‍රීවරයෙක් දක්වා අන්ත පරාජයට පත්වීමෙන් පසුව, පක්ෂය නැවත ප‍්‍රතිසංවිධාන කටයුතු අරඹා සාර්ථක ගමනකට පියවර තබනු ඇතැයි තමන් විශ්වාස කළද, එය සැබෑවක් වන බවක් නොපෙනෙන බවත්, එබැවින් පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, අර්ජුන රණතුංග පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීමේ ලිපියේ සදහන් කර තිබේ.
මේ අනුව අද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.