පොලිසිය බලා සිටියදී මැර මන්ත්‍රී පහර දෙයි

කුරුණෑගල බක්මීගොල්ල ප්‍රදේශයේ දී පොලිසිය බලා සිටිය දී පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී සිරිමාන්න නමැත්තා බීමතින් පැමිණ ජවිපෙ සාමාජිකයකුට පහර දී ඇත. ජ.වි.පෙ. ක්‍රියාකාරිකයකු වන යූ. ජයසිංහ මෙලෙස පහර දීමට ලක්ව ඇත.
හිරියාල, බක්මීගොල්ලේ පිහිටි ජයසිංහගේ  නිවසට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැමිණීමත්, එම අවස්ථාවේ ගම්වාසීන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට පැමිණීමත් සමඟ ඊට උරණ වූ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයා අදාළ පහර දීම සිදු කර ඇත
ගොකරැල්ල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇතත්, මේ දක්වා පහර දීම සිදු කළ චූදිතයා අත්අඩංගුවට ගෙන නැති අතර, අදාළ පහර දීම සිදු වන අවස්ථාවේ එම ස්ථානයේ ගොකරැල්ල පොලිසිය රැඳී සිට ඇති බව ගම්වාසීහු පවසති●

 

මංගල ජයනාත් – කුරුණෑගල.

Leave a Reply

Your email address will not be published.