රජපක්ෂ ඥාතියා නිපුන රණවකගේ නිවස වටලයි – ගෙදර අලිපැටියාට බලපත් තිබේද?

රාජපක්‍ෂ වරුන්ගේ ලඟම ඥාතියා වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවකගේ නිවස ප්‍රදේශවාසීන් විසින් ඊයේ(21) දිනයේ වටකර තිබේ.
පසුගිය මැතිවරණයේ දී බැසිල් රාජපක්ෂගේ ආශිර්වාදයෙන් මාතර දිස්ත්‍රිකයේ වැඩිම මනාප ලබාගත් නිපුන රණවක ගාන්ධිනී රාජපක්‍ෂගේ පුත්‍රයා වෙයි. මෙම නිවස වටලා විරෝධය දක්වා ඇත්තේ නිපුන රණවකට පසුගිය මැතිවරණයේදී සහය දැක්වූ ප්‍රදේශයේම පිරිස් විසින් වීම විශේෂත්වයකි.
ඔවුන්ගේ සටන්පාඨය වී ඇත්තේ, පවතින අර්බුදයන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඉල්ලා අස්වන ලෙසයි.
මෙම විරෝධතාකරුවන් මන්ත්‍රීවරයාගේ දෙණියායේ පිහිටි නිවස වටලමින් විරෝධතා පාඨ කියමින් විරෝධයේ යෙදුණු අතර මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි ඇත් පැටවෙක් වත්ත පුරා සැරිසරමින් සිටින අයුරුත් විරෝධතා කරුවන්ගේ සටන්පාඨ තාලයට නටන අයුරුද දැකගැනීමට හැකිවූ බව විරෝධතා කරුවන් පවසයි. නිපුන රණවකලාට අලි බලපත්‍රයක් තිබෙන මුත් මෙම අලි පැටවාට බලපත්‍රයක් තිබේද යන්න සොයමින් පවතියි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක පළමු පාර්ලිමේන්තු කතාව හැර කිසිදු දිනයක පාර්ලිමේන්තුවේ කතා කර තිබෙනවා දැක නැත. නමුත් ඔහු දිස්ත්‍රික් සම්බන්දීකාරක ලෙස ද පත්කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.