උගන්ඩාවට පැටවූ ටොන් 102 මොනවාද? ශ්‍රී ලංකන් තොරතුරු හෙළි නොකරයි

ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගමට අයත් ගුවන් යානා 3කින් පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයේදී ටොන් 102ක භාණ්ඩ උගන්ඩාවට ප්‍රවාහනය කිරීමේ අභිරහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළත් ඉන් පිටටත් නව විරෝධතා රැල්ලකට මුල පිරී තිබේ.
මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය වසරේම අනාවරණය කර තිබූ අතර උගන්ඩාවේ විදේශ සංචිත ඉහල යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේද අවධානය යොමු වී ඇත. එසේ ප්‍රවාහනය කළ භාණ්ඩ පිළිබඳව තොරතුරු හෙළි නොකරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කිරීමත් සමඟ තත්වය වඩාත් උණුසුම් වී තිබේ.
මුලින් සමාජ මාධ්‍යවල මේ පිළිබඳව ප්‍රවෘත්ති පැතිර ගිය අතර මේ වනවිට ප්‍රධාන ධාරාවේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යයද අදාළ තොරතුරු විශාල වශයෙන් හෙළිකරමින් පවතී.
විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් ද මේ පිළිබඳව විරෝධය පළකිරීමට සහ තොරතුරු හෙළිකිරීමට පටන් ගෙන තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.