ඉල්ලා අස්වීම් අවුරුදු නැකතින් ලිට්‍රෝ ගෑස් සභාපති මුල පුරයි

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සභාපති තේෂාර ජයසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (14) ජනාධිපතිට යොමුකර තිබේ.
එම ලිපිය මගින් ආණ්ඩුවේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා ද නගා තිබීම විශේෂත්වයකි. ඔහු ඒ බව “2019 නොවැම්බර් 17 වන දින බල පෙරළියත් සමඟ අප පැතූ දූෂණයෙන් වංචාවෙන් තොර වූ රාජ්‍ය පාලනයක් තුළින් සෞභාග්‍යවත් දේශයක් කරා යාමේ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල උදෙසා ඔබතුමාට අවශ්‍ය අරමුණින් යුතුව ඔබතුමාගේ ආරාධනයෙන් මෙම පත්වීම බාර ගතිමි.” යනුවෙන් සඳහන් කර තිබේ.
එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ අදූෂිතව කටයුතු කර ගෙන යාමට නොහැකිවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විස්තර කර ඇති අතර ගෑස් සැපයීම හුදෙක් සමාගමේ ක්‍රියාකාරීත්වය පමණක් නොව සමස්ත ආර්ථිකය සමඟ බැඳුණු ක්‍රියාවලියක් බව අවධාරණය කර ඇත.
අවුරුදු සමයේ ජනතාවට ගෑස් ලබාදීම නවතා දමා ලබන සඳුදා (18) දක්වා එම සමාගමේ සේවකයින් හට නිවාඩු ලබාදී තිබෙන පසුබිමක සභාපතිගේ මෙම ඉල්ලා අස්වීම යොමු කර තිබේ.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසුව රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් ඉල්ලා අස්වී යාමට සූදානම් බව මේ අතර අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් හෙළිවේ.

 

Leave a Reply

Your email address will not be published.