අගමැතිගෙන් පාස්කු දින පණිවුඩයක්, තහනම් වචනය පාස්කු ප්‍රහාරය

සමාජ සාධාරණත්වය, මනුෂ්‍යත්වය සහ ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිතය කැපකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට ගෙන ආ ජීවිත ආදර්ශය තුළ සැබෑ ජීවන වෙනසක් අත්දකිමින් මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෙන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකිවේවා යැයි පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අග්‍රාමාත්‍යවරයා එළඹෙන පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබූ විජයග්‍රාහී ප්‍රීතියේ සැමරුම් දිනය පාස්කුව බවයි.
පරිත්‍යගශීලි ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්ය හා ශක්තිය ජීවිතයට ළඟාගර ගතහැකි අධ්‍යත්මික මාර්ගය මෙනෙහි කිරීමට පාස්කු දිනය සියලු දෙනාට වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරයා පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කළද මෙරට ඉතිහාසයේ ඛේදනීයම දිනයක් වූ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වින්දිතයන් හෝ වගකිව යුත්තන් පිළිබදව වසර තුනක් ගෙවෙන දිනයකදීත් කිසිදු සදහනක් නොමැති වීමද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published.