“නුබ සිසාරා ඇසෙන එකම එක වදනකි – එය නෑසෙනා බිහිරි නිරිඳෙකී”
රත්තරං ඉරඑළිය පෙරන අහසකී
ආදරය මිටින් ගෙන පැමිණෙනා බෝ සකී
නුබ සිසාරා ඇසෙන එකම එක වදනකි
එය නෑසෙනා බිහිරි නිරිඳෙකී
කරදියට මුහු වූ ලුණු හුළං රැල්ලක
පයට පෑගෙන දූලි අහුරක
‘චිකිස්’ ගා පිපිරෙන හිනා අහුරක
අරගලයෙ පැහැ ඇත දන්නවද ඔබ
යනෙන රිය කවුළුවෙන් එබෙන
මුව වැසුමින් වැසුනු සිනාසෙන දෑස් ඇත.
දිය පොදක විස්කෝතුවක
ආදරය පමණක් ඔතා ඇත
– තනුජා ලුම්බිණි