“ඉක්මනින් නැගිටපන් හොර නන්දේ – පව් නොදී බැහැලා පලයන් නන්දේ” – බදුල්ලට ගැලූ ජනබලය

ජාතික ජන බලවේගය ජන පීඩක ආණ්ඩුවට එරෙහිව 74 වසරක සාපය නිමාකිරීම උදෙසා දැවැන්ත විරෝධතා මාලාවක් රට පුරා දියත් කර ඇත අතර එහි බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන උද්ඝෝෂණය ඊයේ (09) දින මහා ජන ගඟක් සමඟ බදුල්ලේදී දියත් කෙරුණි.
බදුල්ල මහ රෝහල් මංසන්ධියේ සිට බදුල්ල නගරයේ වීදි පුරා පෙළපාලියකින් පැමිණ, බදුල්ල බස් නැවතුම්පොල අසලදී ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් පවත්වා පැය 3 කට අධික කාලයක් විරෝධතාවක නිරත විය.
මේ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් නායකයන් සහභාගි වූ අතර විශේෂත්වය වූයේ නගරයට පැමිණ සිටි සාමාන්‍ය ජනතාවද පොකුරු පිටින් මෙම විරෝධතාවට එක් වීම ය. මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මෙම සටන්පාඨය දැක්වීම හැමදෙනාගේම අවධානයට ලක්විය.
මේක අහපන් නන්දේ
උඹ ඉන්නේ දැන් හොර නින්දේ
ඉක්මනින් නැගිටපන් හොර නන්දේ
පව් නොදී බැහැලා පලයන් නන්දේ
හැට නම ලක්ෂයක් දීපු ඡන්දේ
දීපු එවූනුත් දැන් දානවා පාරේ සද්දෙ
බුද්ධ ධම්ම සංඝ උඹ නිතර වැන්දේ
ඒත් උඹ හොර මුලක නායකයෙක් නන්දේ
අයියලා මල්ලිලා බලේ බෙදාගත්තේ
පුතාලා බෑනලා රට බෙදා ගත්තේ
පොහොර නෑ ගෑස් නෑ තෙල් නෑ බෙහෙත් නෑ ඒකයි රටේ අද තත්ත්වේ
පව් නොදී ඉක්මනින් බැහැලා පලයන් නන්දේ


 

සබැඳි

Leave a Reply

Your email address will not be published.