සෙබළුන් එළවූ පොලිස් නිලධාරීන් හමුදාවට ගෙන්වයි !

පාර්ලිමේන්තු වටරවුම අසලට ගිනි අවි රැගෙන පැමිණි හමුදා සෙබළුන්ට විරෝධය පළ කළ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් කටඋත්තර ලබාගැනීම සඳහා හමුදා නිලධාරීන් ඉදිරියට කැඳවා තිබේ. මෙම හමුදා සෙබළුන් පිළිබඳව සිදුකරන විමර්ශණයක් සඳහා සාක්ෂි ලබාගත යුතුව තිබෙන නිසා මෙසේ මෙම පොලිස් නිලධාරීන් කැඳවන බව හමුදා පාර්ශ්වයෙන් පවසයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් මේ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට දැනුම් දී ඇත. ඉන්පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට දැනුම් දී ඇත්තේ යුද හමුදාපතිවරයාට අවශ්‍ය පරිදි කටයුතු කරන ලෙසයි.
මෙසේ අදාළ සිදුවීමට සම්බන්ධ වූයේ සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වෙත්තසිංහ සහ මහින්ද විල්ලෝර ආරච්චි ය. ඔවුන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදීමට ද කටයුතු කෙරිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එල්ල වූ බරපතළ විරෝධය නිසා එය ක්‍රියාත්මක වූයේ නැත.

එරංගා ජයවර්ධන

Leave a Reply

Your email address will not be published.