ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෝටර් සයිකලය CT100 නැවතත්!

Read Time:3 Minute, 28 Second

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් රථවාහන නිෂ්පාදන/ එකලස් කිරීම කර්මාන්තය සහ ශ්‍රී ලංකාවේ උපාංග නිෂ්පාදන කර්මාන්තය සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ දේශීයව නිෂ්පාදනය කළ උපාංග යොදා ගනිමින් පළමු වරට මෙරටදීම මෝටර් සයිකල් නිෂ්පාදනය කළ පළමු සමාගම බවට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් පසුගියදා පත්විය.
වසර 02ක කාලයක් තිස්සේ බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් වෙළෙඳ පොළ තුළ නොතිබුණු තත්ත්වයක් තුළ වසර 20ක් පුරා ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත්ම ප්‍රිය කරන මෝටර් සයිකලය වන බජාජ් CT100 නැවතත් මෙරටට හඳුන්වා දී ඇත. ඉන්ධන කාර්යක්ෂමතාව, කල් පැවැත්ම සහ ඉහළ ක්‍රියාකාරිත්වය හේතුවෙන් වඩාත්ම අලෙවියක් සහිත බජාජ් මෝටර් සයිකලය වන CT100 වර්තමාන ආර්ථික වටපිටාවටද කදිමට ගැළපේ.
තවදුරටත් ඉන්ධන කාර්යක්ෂමතාව තහවුරු කරන තාක්ෂණිකව ඉහළ නංවන 102 CC එන්ජිම, ආකර්ෂණීය ඇලෝයි වීල්, ඉලෙක්ටි්‍රක් ස්ටාර්ට් සහ USB චාජරය ඇතුළු අංග රැසකින් නව බජාජ් CT100 මෝටර් සයිකලය නැවත වෙළෙඳ පොළට පැමිණ ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි අධ්‍යක්ෂ (වාහන විකුණුම්) සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ල මෙසේ පැවසුවේය. “දේශීයව අගය එකතු කළ වැඩසටහනට පහසුකම් සැපයීම සම්බන්ධව අපි කර්මාන්ත අමාත්‍යාංශයට මෙන්ම ශ්‍රී ලංකා රජයට අපගේ ගෞරවය පුද කරනවා. මෙම වැඩසටහන අලුත් වාහනයක් මිලදී ගැනීමට බලා සිටින අපගේ පාරිභෝගිකයන්ට මහගු ප්‍රතිලාභයක් වගේම දේශීය උපාංග නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය වීම හරහා නව රැකියා අවස්ථා උදා වීම මෙන්ම විදේශ විනිමය ඉතිරි වීම හරහා දේශීය ආර්ථිකය නගා සිටුවීමටද මනා පිටිවහලක් වනවා”.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා පැවසුවේ බජාජ් CT100 මෝටර් සයිකලය යළි මෙරටට හඳුන්වාදීම හරහා පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීම සේම දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීමටද සමාගමට හැකියාව ලැබී ඇති බවයි. මෙම මෝටර් සයිකලයට දේශීයව නිපදවන ලද උපාංග 22ක් එකතු කර ඇති අතර එම උපාංගවල ඉන්දියාවේ බජාජ් ඔටෝ ලිමිටඩ්හි තත්ත්ව පරීක්ෂාවට ලක් කර නියම ප්‍රමිතියෙන් ඇති බවට සහතික කර ඇත. තවද මේ හරහා දේශීය මෝටර් කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන දැනුම සහ විශේෂඥතාවද අප රටට හිමිවන බවත් ඔහු කියා සිටියේය●
 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෝටර් සයිකලය CT100 නැවතත්!

Leave a Reply

Your email address will not be published.

Previous post “රජෙක් වුනත් බලුකම් කලොත් ඒවා පලදෙන දවසක් මහත්තයෝ. මේ ඒ රජා බලුවෙන දවස”
Next post යුක්තියේ පා ගමන කටුවපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට