හිරු පවා නිරුත්තර – අරගලයෙ ගිනි පුපුර – බලන් දිලි දිලි අයුර.. ගාලුමුවදොර පිටිය

රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා ඇතුළු රජයට ගෙදර යන ලෙස බලකරමින් අද (09) දිවයිනේ ප්‍රදේශ ගණනාවක විරෝධතා පා ගමන් ආරම්භවී ඇති අතර ඉන් ප්‍රධාන විරෝධතාවයක් කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙයි.
සිවිල් ක්‍රියාකාරීන් සහ විවිධ සංවිධාන මෙන්ම අන්තර්ජාලය හරහා එක්වූ පුද්ගලයින් විරෝධතා පාගමනින් අද පෙරවරුවේ සිට කොළඹ ගාලුමුවදොර පිටිය වෙත පැමිනෙමින් තිබේ.
ගණනය කරන්නට බෑ මිනිසුන් තොගය
මේ හැම කියන්නේ උන් එළවන වගය
⁣අරගලේ බිමේ ජය දැන් දැන් අත ළගය
හිටගමි මේ මමත් ඔබ අසලින් සගය
ප:ලි:
ජන ගඟ දුටුව නන්දෙට යන්නේ බොගය
– ප්‍රියන්ත කොඩිප්පිලිගේ මුහුණු පොතේ කවියක්

හිරු පවා නිරුත්තර
අරගලයෙ ගිනි පුපුර
බලන් දිලි දිලි අයුර…
– අනුරසිරි හෙට්ටිගේ 

ඡායාරුප අන්තර්ජාලයෙන්

 

සබැඳි

Leave a Reply

Your email address will not be published.