ජනතාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා – විජිත හේරත්

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී‍ විජිත හේරත් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විජිත හේරත් මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එකිවෙමිණි.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සියල්ල සූදානම් බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වෙනුවෙන් හිට ගන්නා බවද සඳහන් කළේය. දේශපාලන අර්බුදයට විසඳුම් නැතිව ආර්ථික අර්බුදයට උත්තර සෙවිය නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ‍ය.
ජනාධිපතිවරයා අද කටයුතු කරන්නේ ප්‍රකෘති මනසකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රකෘති මනසක් තිබේ නම් මේ ආකාරයට කටයුතු නොකරන බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.