විරෝධතා රාජකාරිය නිමාකොට , ගෙදර ගිය පොලිස් භටයාගේ කවිය

විරෝධතා රාජකාරිය නිමාකොට
ගෙදර ගිය පොලිස් භටයාගේ කවිය
හරිම මහන්සියි සුජානි
ඩියුටි හිටියෙ විජේරාමෙ
කොහේද මගේ දූ පැටික්කි
ටොෆි චොකලට් මොකවත් නෑ
කර්ෆිව් නේ කඩ වහලා
හරිම මහන්සියි සුජානි
තේකක්වත් බොමු සුජානි
කොයි මොහොතෙද කියන්න බෑ
ගෑස් ඉවරවෙලා යාවි
ඊට පස්සෙ මොකද වෙන්නෙ
ගෑස් කඩේ පෝලිම ළඟ
දවස් දෙකක් මං හිටියා
ගෑස් නැතුව මං ආවා
කෙල්ල නිදාගන්නෙම නෑ
ෆෑන් දාන්නෙයි කියනව
මොකෝ ජිනේ අපි කරන්නෙ
මට තේරෙන්නෑ මොකවත්
අද නම් මට එපා වුණා
මේ ජොබ් එක
දමල ගහල ඉන්න හිතයි
නොගිහිං ජොබ් එකට ආයෙ
කැම්පස් එකෙ කොල්ලො කෙල්ලො
අපෙන් අහන ප්‍රශ්නවලට
අපි ළඟ උත්තර කොහේද
ගෙදර ගිහිං
ගලවල ඔය යුනිෆෝම් එක
හිතට තට්ටු කර අහන්න
වයිෆ් ගෑස් පෝලිමේ හිටියට
කලන්තෙ හැදිලා වැටුණට
ඔය තුවක්කු එල්ල කරං
රකිනා එකෙකුගෙ බිරිඳක්
කිසි දවසක
ගෑස් පෝලිමක ඉන්නව
බූමිතෙල් ගන්න පෝලිමෙ
දැකල තියෙනවද අය්යලා
අපතෙ හරින්නෙපා ගෑස්
කඳුළු තියෙනවා අපි ළඟ
ඕන තරම්
අපේ හඬට සවන් දෙන්න
ගෙදර වයිෆ්ගෙන් අහන්න
අම්ම අක්ක නංගි මල්ලි
දැන් ඒ අය ගැන හිතන්න
එකතුවෙන්න අපිත් එක්ක
රට විනාසකරන එවුන්
රැකුමෙන් මොන පලක් වේ ද
ඔය තුවක්කු බටේට බෑ
අපේ හඬට වැට බඳින්න..
අපිත් එක්ක එකතුවෙන්න
අලුත් රටක් හෙට හදන්න
– බුද්ධදාස ගලප්පත්ති

සබැඳි

Leave a Reply

Your email address will not be published.