ඇඳිරිනීතිය තිබියදීත් මහරගමදී සංගීතාත්මකව විරෝදතා

මේ වනවිට රට තුළ පැන නැග ඇති අර්බුද සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිවත්, ඊට එරෙහි ජනතා හඬ ජනතා අරගල මර්දනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමට එරෙහිවත්, පසුගියදා මිරිහානේදී විරෝධතා කරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රහාර එල්ල කිරිමට එරෙහිවත් විරෝධය දක්වමින් ජාතික ජන බලවේගයේ නායකයින් ප්‍රමුඛ ජනතාව මහරගම නගරයේදී අද පෙරවරුවේ විරෝධතාවයක් පවත්වන ලදී.
මේ අතර ඇඳිරි නීතිය මධ්‍යයේ අද දිනයේත් දිවයිනේ විවිධ ස්ථාන වල විරෝධතා පැවැත්වුණා. ඒ පක්‍ෂ, සංවිධාන හා පුද්ගලයින් විදිහට මෙම විරෝධතා දක්වනු දැකගත හැකි විය.
මහරගම නගරයට රැස්වුණු තරුණයන් පිරිසක් සංගීතාත්මකව සිය විරෝධතාවය පලකර සිටි අතර එම විරෝධතාවයට කලාකරුවන් ද එක්වී සිටියේය.


 

Leave a Reply

Your email address will not be published.