ජනාධිපතිගේ මිරිහාන නිවස අසල විරෝධතා – ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කළ අතර මේ වන විට එම තත්වය උත්සන්න වී විශාලජනතාවක් රැස්ව සිටින අතර පොලිසිය සමඟ ගැටුම්කාරී තත්වයක් ඇති වී තිබේ.
මේ අතර උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා දැඩි මාර්ග බාධක සහ පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.
අද පස්වරුවේ මුලින් ජුබිලි කණුව මංසන්ධිය අසලට රැස්වූ ජනතාව එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව මිරිහාන පැඟිරිවත්ත ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ ප්‍රවේශ වන මාර්ගය අසලට පැමිණ උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු මේ වන විට දැකගත හැකිය.
මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම 119 මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය අසල දැඩි පොලිස් රැකවල් දමා තිබූ අතර සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ නොසිටි බව වාර්තා වේ.
මේ සඳහා සහබාගි වී ඇත්තේ මිරිහාන, නුගේගොඩ, ජුබිලිකනුව අවට ප්‍රදේශවල ජනතාව බව අප වාර්තා කරුවන් පවසයි.



සබැඳි

Leave a Reply

Your email address will not be published.