හෙට විදුලි ඇත්තේ පැය 11 යි

විදුලිය කප්පාදුව තවත් ඉදිරියට යමින් හෙට (31) දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.
මෙම විදුලි කප්පාදුවට අනුව හෙට අලුයම 3 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බව වාර්තා වේ.
මේ අනුව A,B,C,D,E,F කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය තුනක විදුලි කප්පාදුවක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලි කප්පාදුවක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
මේ අතර G,H,I,J,K,L කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්, උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වනු ඇති.
එසේම P,Q,R,S කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය 3ක විදුලි කප්පාදුවක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලි කප්පාදුවක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති අතර T,U,V,W කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්, උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වනු ඇති.
M,N,O,X,Y,Z යන කලාප සඳහා අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 30 ක කාලයක් සහ පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් විදුලිය විසන්ඳි වනු ඇති බව වාර්තා වේ.