UTECH Technologies සමාගමට ආසියා පැසිෆික් රන් සම්මානයක්

UTECH Technologies සමාගමට ආසියා පැසිෆික් රන් සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන UTECH Technologies (පෞද්ගලික) සමාගමට 2021 NBQSA සම්මාන උලෙළේ දී (National Best Quality Software Awards) රන් සම්මාන දෙකක් හිමි වී තිබේ.

මෙසේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන හිමි කර ගැනීම මඟින් UTECH සමාගමට Asia Pacific ICT Association Awards 2020/21  හි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමි වූ අතර, එහි දී චීනය, ඕස්ට්‍රේලියාව හා සිංගප්පූරුව ඇතුළුව ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක් සමඟ තරගවදිමින් ‘Internet of Things – Technology of the Year’ කාණ්ඩයේ සමස්ත රන් සම්මානය දිනාගැනීමට එයට හැකි විය.
UTECH Technologies යනු ශ්‍රී ලංකාව තුළ දෘඩාංග හා මෘදුකාංග ඇතුළුව සම්පූර්ණ IoT ecosystems සැලැසුම් කර නිෂ්පාදනය කරන එකම සමාගමයි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව පරිපූර්ණ තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයීමේ හැකියාව එම සමාගම සතු ය.
UTECH සමාගමට පේටන්ට් බලපත්‍ර හිමි තාක්ෂණයක් වන Blackbox සහ Smartnode, Coollink සහ Smart Energy Meter වැනි නිෂ්පාදන, කර්මාන්ත තුළ ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලිය සඳහා සහ ඵලදායීතාව නිරීක්ෂණය කිරීම සඳහා මූලික සහ ද්විතීයික යන්ත්‍රෝපකරණ සමඟ භාවිත කළ හැකි වේ.
UTECH සමාගම මඟින් පිරිනමනු ලබන විසඳුම්වල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, යන්ත්‍රවල සංවේදක, පාලක හෝ PLC සමඟ සෘජුව සම්බන්ධ කර භාවිත කිරීමට හැකි වීම ය.
කාර්මික ක්‍රියාවලිය තුළ යන්ත්‍ර සහ මිනිසුන් අතර අන්තර්-සම්බන්ධතාව අතිශයින් වැදගත් බව විශ්වාස කරන UTECH සමාගම විසින් එම ක්‍රියාවලිය සහ එහි සාර්ථකත්වය හා කාර්යක්ෂමතාව නිරීක්ෂණය කරන විසඳුම් රැසක් හඳුන්වා දී තිබේ. මෙම විසඳුම් මේ වන විට ක්ෂේත්‍ර රාශියකට අයත් සමාගම් හා ආයතන විසින් භාවිත කරනු ලබයි. පාරිභෝගිකයන්ට UTECH Remote web Portal ඔස්සේ සුරක්ෂිත virtual dashboard එකක් මඟින් ලොව ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකථනයක් භාවිතයෙන් යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීම හා හැසිරවීම කළ හැකි වේ. මෙම වෙබ් ද්වාරය ඔස්සේ data, data-logging  සහ graphing පරීක්ෂා කිරීම, සාමාන්‍ය නඩත්තු කාල සටහන් සැලැසුම් කිරීම, SMS/email alerts ඇතුළු තවත් විශේෂාංග රාශියක් ලබා ගත හැකි අතර, එය යන්ත්‍රවල කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයටත්, සේවකයන්ගේ උපරිම කාර්යසාධනයටත් හේතු වෙයි. තවද, සැලැසුම්වලට සාපේක්ෂව ඵලදායීතාව, නිෂ්පාදන තත්ත්වය, යන්ත්‍රවල දෝෂ, අලුත්වැඩියා කිරීමට ගත වන කාලය යනාදිය සම්බන්ධ වාර්තා ලබා දීමේ අමතර සේවාවන් ද UTECH සමාගම හඳුන්වා දී ඇත.
මේ වන විට බර යන්ත්‍රෝපකරණ, නිෂ්පාදන, පාරිභෝගික භාණ්ඩ, ගබඩා, ශීතකරණ සැපයුම් දාම, ඇඟලුම්, දුරකථන සේවා/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක දේශීය හා ජාත්‍යන්තර සමාගම් UTECH සමාගමේ Industry 4.0 විසඳුම් භාවිත කරයි.
“ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන දිනාගැනීමට සහ ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උලෙළේ දී ෂදඔ තාක්ෂණ කාණ්ඩයේ සමස්ත රන් සම්මානය දිනාගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් රැගෙන ඒමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. මේ ජාතික හා ජාත්‍යන්තර සම්මාන මඟින් පැහැදිලි වන්නේ අපගේ කණ්ඩායමට හා තාක්ෂණයන්ට ගෝලීය මට්ටමින් ඉදිරියටම යාමට හැකියාව ඇති බවයි. ඉදිරියේ දී අපගේ විසඳුම් තව දුරටත් වැඩිදියුණු කිරීමටත්, අතිවිශිෂ්ට මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමටත් අප බලාපොරොත්තු වෙනවා.” UTECH සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රියාඩ් ඉස්මයිල් පැවසී ය●
 
 


Leave a Reply

Your email address will not be published.