ර්‍Disruptive Device Innovation” සම්මානය OPPO දිනාගනී

MWC22 Barcelona ප්‍රදර්ශනයේදී පවත්වන ලද 2022 Global Mobile (GLOMO) සම්මාන උළෙලේ දී ‘Disruptive Device Innovation’’ සම්මානය දිනාගැනීමට OPPO සමත් විය. OPPO  Find N සඳහා භාවිත කළ Hinge & Display Integration වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, Mobile World Live හි Sasha Twining සහ Justin Springham විසින් ඉදිරිපත් කරන ලද, LinkedIn  ඔස්සේ සජීවීව විකාශය කෙරුණු Virtual උත්සවයකදී මෙම සම්මානය නිවේදනය කරන ලදී.

“මෙම සම්මානය හිමි වීම අප ලැබූ විශාල ගෞරවයක්. මෙය ක්ෂේත්‍රයේ සමගාමීන්ගෙන් මෙන්ම පාරිභෝගිකයන් වෙතින්ද ලැබුණු ඇගයීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. වසර හතරක් පුරා සිදුකෙරුණු පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලින් සහ අත්හදා බැලීම් හයකින් අනතුරුව, හුදෙක් නවීන තාක්ෂණය පිළිබඳව උනන්දු වන්නන්ට පමණක් නොව සාමාන්‍ය පාරිභෝගිකයන් සියලුම දෙනාට සුදුසු වන ආකාරයේ foldable දුරකථනයක් ලෙස OPPO Find N හඳුන්වා දීමට අපට හැකි වුණා.” OPPO උපසභාපති (විදේශ විකිණුම් හා සේවා) බිලී ෂෑංග් පැවසී ය.
“OPPO Find N foldable දුරකථනයට ඇතුළත් වී ඇති නවෝත්පාදනයන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලය විශේෂයෙන්ම පැහැදීමට පත්වුණා. වේගයෙන් දියුණු වෙමින් පවතින කාණ්ඩයක් තුළ මෙවැනි කල් පවතින සහ පහසුවෙන් භාවිතා කළ හැකි උපාංගයක් හඳුන්වා දීමට OPPO සමත් වීම ප්‍රශංසනීයයි. විනිශ්චය මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වෙළඳපොළේ වඩාත්ම සහනදායී මිලකට ලබාගත හැකි foldable දුරකථනය හඳුන්වා දීමට OPPO සමත් වී ඇති බවයි.” GLOMO  විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ, CCS Insight  හි විධායක සභාපති ෂෝන් කොලින්ස් පැවසී ය.
ෂෝන් කොලින්ස් ඇතුළුව ක්ෂේත්‍රයේ විශේෂඥයන්, මාධ්‍යවේදීන්, විද්වතුන්, ජංගම දුරකථන සේවා සමාගම්වල නියෝජිතයන් ඇතුළු 200 කට අධික පිරිසක් GLOMO සම්මාන උළෙලේ විනිශ්චයන් සඳහා එක්වූහ. මෙම සම්මාන උළෙල ජංගම දුරකථන කර්මාන්තයේ ඉහළම පිළිගැනීමක් හිමි සම්මාන උළෙලක් ලෙස සැලකේ. ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ භාවිතය පහසු කිරීම සඳහා දෘඩාංග හා මෘදුකාංග සම්බන්ධ නවෝත්පාදන භාවිතා කරන නව තාක්ෂණික නිෂ්පාදන Disruptive Device Innovation  කාණ්ඩය යටතේ ඇගයීමට ලක් විය. OPPO විසින්ම නිර්මාණය කරන ලද, උපාංගය නැමීම සඳහා භාවිත කරන සරනේරු ක්‍රමවේදය සහ එහි බාහිර නිමාව, OPPO Find N වෙත මෙම සම්මානය හිමි වීමට ප්‍රධානතම හේතුවක් විය●
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.