අද නුගේගොඩ රැළියට විරෝධය පෑමට කුලී හේවායන් බැස්සුවාද?

පෞද්ගලික බස් යොදා ගනිමින් අද (23) මීට මොහොතකට පෙර රාජගිරිය අසලට පිරිසක් ගෙනවිත් දමා තිබේ. මෙම පිරිස කව්ද, කුමකට පැමිණ කුමක් සඳහා සුදානම් වන්නේදැයි අසල සිටි පිරිස් සොයා බලිබේදී ඔවුන් පවසා ඇත්තේ මෙවන් අදහසකි.
“අපි නිශ්ශංක මහත්තයාගේ ඇවන්ගාඩ් එකෙන්. උදේම ලැස්ති වෙන්න කියලා පණිවිඩයක් එව්වා. මෙතෙන්ට ගෙනත් දැම්මා. තව ටිකකින් කරන්න ඕනේ වැඩේ කියන්නම කිව්වා. දැන් ඉතින් මෙතන්ට වෙලා බලා ගෙන ඉන්නවා” යි ඒ පිළිබඳව විමසීමේදී ඒ පිරිස අතර සිටි කිහිප දෙනෙකු පවසා තිබේ.
මීට පෙර ගම්පහ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණයකදී මෙවැනිම කුඩා පිරිසක් එම සම්මන්ත්‍රණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර පැනයාමට තැත් කිරීමේදී ඉන් කිහිප දෙනෙකු අල්ලා පොලිසියට බාර දී තිබිණ. ඒ ඇවන්ට්ගාඩ් හී සේවය කරන සහ සේවය කළ බව කියන එම පිරිස තවමත් පසු වන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය.
අද (23) ජාතික ජන බලවේගය විසින් නුගේගොඩදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබියදීම මෙම පිරිස මෙසේ රාජගිරියට ගෙනවිත් තිබීම විශේෂයක්. අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ විවිද පුද්ගලයින් අනාවැකි පළකර තිබිණි. ඔවුන් පවසා තිබුනේ ජාතික ජන බලවේයේ නුගේගොඩදී විරෝධතා පාගමන අතර මාර්ග වළ පෙළපාලියට විරෝධතා දැක්වීමට සංවිධානය කළ පිරිස් යොදවන බවයි.

Leave a Reply

Your email address will not be published.