මොන ප්‍රශ්න තිබුණත් නුවරඑළිය වසන්ත උදානය තියනවමයි – ඇමැති සී.බී.

රටේ මොන ප්‍රශ්න තිබුණත් නුවරඑළිය වසන්ත උදානය අප්‍රේල් 01 වනදා සිට ආරම්භ කරන බව වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති සී.බී.රත්නායක පවසයි.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ පසුගිය 17දා නුවරඑළිය ක්‍රිකට් සංගමය දෙවන වරට මෙහෙයවන ලද නුවරඑළිය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ය. නුවරඑළිය ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ඇමැති සී.බී.රත්නායක වන අතර, එම තරගාවලිය නානුඔය, රදැල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සී.බී.රත්නායක පැවසුවේ නුවරඑළිය වසන්ත උදානය සමයේ සැණකෙළි ගණනාවක් පැවැත්වෙන බවත්, ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල සංචාරකයන් පිරිසක් නුවරඑළියට පැමිණෙන බැවින් එම අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.