සමගි ජන බලවේගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණක්

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන් හේතුවෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය වසාගෙන සම්පුර්ණයෙන් පාර වසාගෙන ඇත.
විරෝධතා කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ දරන අතර එක මැඩලීමට විශේෂ කාර්යබකාය විසින් එය වළක්වමින් සිටියි.
“රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ’’ යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්වෙයි.
රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සපයන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගයේ විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ගාලුමුවදොර දෙසට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවයේ නිරතවෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජමය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහබාගී වී සිටිති.

 

Leave a Reply

Your email address will not be published.