මෙි පොඩි කෙල්ල එතෙක් පැවති ලෝකය වෙනස් කිරීමට දායක වීද ? සහතිකවම!

නම ; දෝලා අක්තාර් රීබා Dola Akter Reba,
උපන් රට ; බංගලිදේශය
බංගලිදේශය යනු 13 හැවිරිදි ගැහැණු ළමයෙකුට ලිංගික සබඳතාවයකට යටත් වීමට බල කළ හැකි ලෝකයේ රටවල් 36 න් එකකි —
එමෙන්ම එය ලෝකයේ වැඩිම ළමා විවාහ අනුපාතයක් ඇති රටද වන්නේය. එහි සිටින ගැහැණු ළමයින්ගෙන් අඩකට වඩා වයස අවුරුදු 18ට පෙර විවාහ වී ඇති අතර, වයස අවුරුදු 15ට පෙර සියයට 18ක් විවාහ වී ඇත. බංගලිදේශය වැනි ළමා විවාහ වැළැක්වීම සඳහා නීති පවතින රටවල පවා මෙම ක්‍රියාව සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර සමාඡය විසින් එයට පොහොර සපයයි මෙම ක්‍රියාදාමය නීති විරෝධී බව බොහෝ දෙනා නොදැන සිටිති. එබැවින් සිය දියණිවරුන්ට ඔවුන්ගේ වයස නොසලකා දෙමාපියන්ගේ කැමැත්ත ඇති තාක් කල් විවාහ වීමට බොහෝ විට අවසර ඇත. නමුත් මෙම පුරුද්ද විනාශකාරී ය: ළමා විවාහය බොහෝ දුරට සිය පවුලේ ආර්ථිකයත් සමග ගැට ගැසී පවතී මව හෝ පියා එක් බත් කටක් අඩුකිරීම පිණිස සිය දරුවාව බිලිදෙත් එය සමහරවිට තමන්ට වඩා හොද ආහාර වෙිලක් තම දරුවාට ලැබෙතැයි යන විශ්වාසය නිසා වීමටද පුලුවන කෙසේ වුවද එය රැවටීමෙි සහ වංචාවෙි ඉතිහාසගත ක්‍රියාවලියකි උක්ත කරුණ කුඩා ගැහැණු ළමයෙකුගේ අධ්‍යාපනය දිගටම කරගෙන යාමට ඇති හැකියාව කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑ හැකිය. ළමා විවාහය බොහෝ ගැහැණු ළමයින්ට ගෙදර දොරේ වගකීම් කෙරෙහි අවධානය යොමු කිරීම හෝ තමන්ගේම දරුවන් ඇති දැඩි කිරීම සඳහා සිය අධ්‍යාපනය අතහැර දැමීමට බල කෙරෙයි. නමුත් තවමත් දරුවන් ලෙස ඔවුන් මව්වරුන් වීමට ශාරීරිකව සහ චිත්තවේගීයව සූදානම් නැත. යොවුන් මව්වරුන් සහ ඔවුන්ගේ ළදරුවන් යන දෙදෙනාම දරු ප්‍රසූතියේදී මිය යාමේ වැඩි අවදානමක් ඇත. , WHO විසින් වාර්තා කරන ලද පරිදි, වයස අවුරුදු 15 සිට 19 දක්වා යොවුන් වියේ ගැහැණු ළමයින් අතර ගෝලීය වශයෙන් මරණයට ප්‍රධානතම හේතුව ගැබ්ගැනීම් සහ දරු ප්‍රසූතියේ සංකූලතා වේ.
ළමා විවාහයක් යනු ඇයට වර්ධනය වීමට, ඉගෙනීමට සහ ඔවුන්ගේ හැකියාවන් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට ඇති අවස්ථාව වංචනික ලෙස කොල්ලකෑමකි එමෙන්ම, ළමා මනාලියන් බල රහිත වේ. අධ්‍යාපනයක් නොමැතිව, තමන්ට හෝ තම පවුලේ දුප්පත්කමේ චක්‍රය අවසන් කිරීමට ඔවුන්ට නොහැකි වේ.
“අවුරුදු 13ක ගැහැණු ළමයෙකුට තම ස්වාමිපුරුෂයා විසින් බලහත්කාරයෙන් ලිංගිකව හැසිරෙන්නේ නම්, ඇයට ස්ත්‍රී දූෂණ නඩුවක් ගොනු කළ නොහැකි බව නීතියේ සඳහන් වේ. ඒ අතරම අපි 13 හැවිරිදි දැරියක් දූෂණය කිරීම නීත්‍යානුකූලව අනුමත කරමු. ළමා මනාලිය දූෂණය කිරීම නීත්‍යානුකූලව අනුමත කරයි, මෙය මහ විකාර නීතියකි , ”ඩකා විශ්ව විද්‍යාලයේ නීති අංශයේ සහකාර මහාචාර්ය තස්ලිමා යස්මින් පැවසුවාය.
මෙවන් පසුබිමකය ළමා විවාහ වලට විරුද්ධව දෝලා අක්තාර් සටන් වැදුනේ ඩෝලා අක්ටර් රෙබාට වයස අවුරුදු 12 දී, නිවෙසට පැමිණි අසල්වැසි ‘ගැහැණියක් ‘ඔබේ දරුවා විවාහ කර දෙන්න, ඔබේ දරුවා විවාහ කර ගත හැකි ඉතා හොඳ පිරිමි ළමයෙකු මම දනිමි’ යනුවෙන් ඇගේ මවට පැවසුවාය. ඇයගේ මව විවාහ වී ඇත්තේද ඇයට වයස අවුරුදු 13 දී ඇයට වඩා අවුරුදු අටක් වැඩිමල් පිරිමියෙකු සමඟය. “මම ඇයගෙන් ඇගේ ළමා කාලය පිළිබඳ මතකයන් බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි, නමුත් මගේ මවට මා සමඟ බෙදා ගැනීමට ළමා කාලයක් තිබුනේ නැත එය ඇය කුඩා කල සිටම විවාහ වූ නිසාත්, කුඩා කල සිටම පවුලක් කළමනාකරණය කිරීමට ඇයට සිදු වූ නිසාත්,” දෝලා කියා සිටී.
බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල, අපි ප්‍රජාවන් අතර ප්‍රචාරක කටයුතු කරන විට, විවාහක දූෂණය ශරීරයට සහ මනසට හානි කරන ආකාරය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට උත්සාහ කරන විට, ඔවුන් අපෙන් මෙය ඇසීමට කැමති නැත. ඔවුන්ට අනුව, විවාහයෙන් පසු, සියල්ල ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර එය නීත්‍යානුකූලයි.උගත් අය පවා සමහර විට ඒත්තු ගැන්වුයේ අපිට එම අදහසමය, සහ අධ්‍යාපනයක් නොමැති හෝ අන්ධ ලෙස ආගම් අනුගමනය කරන අය අපව ගණන් නොගන්නා අතර අපට තවත් අභියෝගවලට මුහුණ දීමට සිදුවේ,” දෝලා පැවසීය.
ඩෝලා වයස අවුරුදු 10 සිට World Vision ළමා සංසදයේ සාමාජිකාවක් වූ අතර දැන් නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකි.ඇය සහ ඇගේ සගයන් පසුගිය වසර දෙක තුළ පමණක් ළමා විවාහ 600 කට වඩා නතර කර ඇත ඩොලාගේ වයස තවමත් අව්‍රරුදු 17 ක් පමනි. ඒ අතරම ඇය බන්ග්ලාදේශය වෙනුවෙන් එක්සත් ඡාතීන්ගේ මානව හිමිකමි සංසදය නියෝඡනය කරයි
ස්තුතියි පුංචි කෙල්ලේ !

– උපාලි ජයසිංහ

සබැඳි

Leave a Reply

Your email address will not be published.