“ආණ්ඩුවට එරෙහිව කැරළි ගැසීමට ජනතාව සූදානම් ඒත් මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ”

ආණ්ඩුවට සහයදෙන සුළු පක්ෂ වෙනම එක්වී ආණ්ඩුව විවේචනය කරමින් යන ගමනට ශ්‍රිලනිපයද සහය දක්වමින් සිටින අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පක්ෂයේ අදහස වී ඇත්තේ, රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්, ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බව ද වාර්තාවේ.
පසුගියදා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවකට සහබාගි වීමෙන් අනතුරුව මෙලෙස ප්‍රකාශයක් කිරීමට තීරණය වී ඇතිබව ශ්‍රීලනිපයේ තවත් මන්ත්‍රීවරයෙක් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් අතිබහුතරය එම අදහසේ සිටින අතර ,ආණ්ඩුවෙන් යායුතු බවට අදහස් දක්වා ඇත්තේ එක්කෙනකු දෙන්නකු පමණක් බව ද ආරංචි මාර්ගවලින් පැවසේ ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ තවදුරටත් එක්ව කටයුතු කරනු ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි .
කෙසේ නමුත් දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හමුවේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන අද පවසා ඇත්තේ, සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ පටන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රට තවත් ඛේදවාචකයකට ලක්ව ඇති බවත් ඒ අනුව ජීවන බර උසුලාගත නොහැකි ජනතාව කැරළි ගැසීමට සූදානමින් සිටින බව සිය එම සටහනේ අඩංගුය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.