OPPO නවතම Find x5 Series හඳුන්වා දෙයි

ලොව ජංගම දුරකථන හා උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන OPPO සමාගම පසුගිය දා Find X5 දුරකථන මාලාව වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ය. මෙම දුරකථන එකතුව OPPO දුරකථන මාදිලි අතර ඉහළම මාදිලි එකතුව ලෙස සැලැකේ.

ස්මාර්ට් ෆෝන්වලින් වීඩියෝ දර්ශන ලබා ගැනීමේ දී මෙතෙක් පැවැති බරපතළ බාධාවක් වූ රාත්‍රී දර්ශන සම්බන්ධ ගැටලුව ජය ගැනීම වෙනුවෙන්ම සැලැසුම් කළ Neural Processing ඒකකයක්, MX766 කැමරා පද්ධතියක්, අධිවේගී 5G සම්බන්ධතාව සහ SUPERVOOC Flash Charging තාක්ෂණය ඇතුළු විශේෂාංග රාශියක් මීට ඇතුළත් වේ. Find X5 දුරකථනවලට ඇතුළත් කර ඇති imaging NPU තාක්ෂණයක් වන MariSilicon X  තාක්ෂණය ද රාත්‍රියේ දී සුපැහැදිලි දර්ශන ලබා ගැනීමට උපකාරී වෙයි.
“Find X5 යනු Find X දුරකථන මාලාව නව මානයකට රැගෙන යන දුරකථන එකතුවක්. නිමාව, ඡායාරූපකරණය, බැටරි තාක්ෂණය සහ ක්‍රියාකාරීත්වය යනාදී අංශ සියල්ල අතින් එය දුරකථන ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරන නිපැයුමක් බවට පත්වේවි.” OPPO සමාගමේ සභාපති (ගෝලීය අලෙවිකරණ) විලියම් ලියු පැවසී ය.
Wide සහ ultra-wide කැමරා පද්ධතිය සහ 4K Ultra Night Video capturing හැකියාව සමගින් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම Wide සහ ultra-wide ඡායාරූපකරණ හැකියාව Find X5 දුරකථන සතු ය●

පුෂ්ප එපිටකඩුව

 
 
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.