අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2500 ක් වරායේ හිරවෙයි

මේ වන විට අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව යලිත් කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් මාධ්‍යට පවසා ඇත.
මෙම කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී තිබේ. මාසයකට වැඩි කාලයක සිට මෙම කන්ටේනර් තොගය එකතු වී ඇති බව ද සඳහන් කරයි.
මෙම කන්ටේනර්වල සහල්, සීනි, කඩල, පරිප්පු, වියලි මිරිස්, කරවල සහ කොත්තමල්ලි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published.