රුසියානු – යුක්රේන් තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (07)

රුසියාවත් යුක්රේනයත් අතර යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, දෙරට අතර බෙලරූස් දේශසීමාවේ පැවති සාකච්ඡා වළ තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (7) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි 24 වැනිදා ආරම්භ වූ රුසියාව යුක්රේනය ආක්‍රමණය සමඟ යුද ගැටුම් ඇවිලෙද්දී, බටහිර රටවල පෙළඹවීම මැද දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් සාම සාකච්ඡා ආරම්භ වුනා. පළමු සහ දෙවැනි සාම සාකච්ඡා පැවතියේ යුක්රේන බෙලරූස් දේශසීමාවේදීය.
මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය තුන්වැනිදා පැවැත්වුණු සාම සාකච්ඡා අවසන් වූයේ යුක්රේන නගරවල සිවිල් වැසියන්ට ආරක්ෂිතව එම නගරවලින් පිටවී යෑමට ‘මානුෂීය කොරිඩෝවක්’ නිර්මාණය කර දෙමින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියානු නියෝජිතයන් එකඟ විය.
මේ ක්‍රියාමාර්ගයත් සමඟ යුක්රේනයේ මරියුපෝල් සහ වෙල්නොවාකා යන නගරවල පැය 5 කට පමණක් සටන් විරාමයක් ආරම්භ විය. සටන් විරාමය පැවති එම පැය 5 ක කෙටි කාලයේ වහා නගරයෙන් පිටවී යන්නැයි රුසියන් හමුදා, මරිපෝල් සහ වොල්නෝවාකා වැසියන්ට දැනුම් දී තිබු අතර සටන් විරාමයේ නියමිත කාලය අවසන් වූ සැණින් නගරවවලට එක දිගට පහර දීම රුසියානු හමුදා ආරම්භ කළේය. මරිපෝල් යනු යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන අතර රුසියන් හමුදා මේ වනවිට නගරය වට කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැයක් පමණ ගත වෙද්දී සටන් විරාමය උල්ලංඝනය කළේ යැයි යුක්රේනයත් රුසියාවත් එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් පසු සටන්විරාමය බිඳවැටුනේය . ඒ සමඟ, යුද ගැටුම් මැද සිය ගණනක් සිවිල් වැසියන් නගර දෙකේ කොටු වී සිටින බවත් ඔවුන්ගේ ජීවිත අනතුරේ බවත් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන මාධයවේදීන්ට ද රුසියන් හමුදා වෙඩි තබා ඇතැයි ද මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ නමුත් මේ කාලය ඇතුලත වෙල්නොවාකා නගරයෙන් පිටවූ බව පැවැසෙන්නේ සිවිල් වැසියන් 400 දෙනකු පමණි. නගරයේ ජනගහනය 20,000 ක් සිටින බව වාර්තාවේ.
(රොයිටර් ඇසුරින්)

Leave a Reply

Your email address will not be published.