පරිසරවෙීදී පියල් පරාක්‍රම සමුගෙන අදට වසර 12 ක්, සුබම දිගු වසන්තයක් ඔබට

පියල් පරාක්‍රම පරිසරවේදියෙක් පමණක් නොව උතුම් මිනිසෙකි. 2010. 03. 03 දින පියල් පරාක්‍රම මහතාට මාධ්‍ය හමුවක් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර 03 . 02 දින මා සුදත් අබේසිංහ සමග කලවානේ පාසලක දේශණයක් සදහා පිටත්ව ගියේය.. 2010.03.03 මාධ්‍ය හමුවට පෙර ආදරණිය ගුරැවරයා මෙන්ම මාගේ සහොදරයා මට ඇමතුමක් ලබා ගත්තේමි.. මාධ්‍ය හමුව පැවැත්වුයේ සවස දෙකටය, සවස තුනට නැවත එහි සාර්ථකත්වය කීමට ඔහු මට ඇමතුමක් ගත්තේය. සවස 06 පමණ මා නැවත ඔහුට කතා කර සෙනසුරාදා දින හමුවීමේ එකඟතාවය මත දුරකතනය විසංධි කරන ලදි. මතක හැටියට රාත්‍රි 9. 40 පමණ අමිමා කතා කර ඔහු මිය ගිය බවත් ඉක්මණින් පැමිනෙන ලෙසත් කිවේය..

කලක් මා ජීවත් වුයේ පියල් පරාක්‍රම මහතාගේ නිවසේය. සැම උදෑසනකම මා එනතුරැ ඔහු ආහාර ගත්තේ නැත. අප අධ්‍යාපනය ලබන කාලයේ ඉතාමත් දූෂ්කර ජීවිත ගත කල බව පියල් පරාක්‍රම මහතා දැන සිටි නිසා දෝ සෑම හොතකම මා ආහාර ගත් බව තහවුරැ වු පසු පමණක් ඔහු අහාර ගත්තේය. ලීවොත් දිග කතාය .
නමුත් මා මෙය මෙතනින් නවතා පියල් පරාක්‍රම නම් වු ඒ උතුම් මිනිසා නැවත සිහිපත් කරන්නෙමු. මා හට පරිසරවේදියෙක් වීමට ඕනෙ තරම් ඉඩකඩ තිබිණි . නමුත් එහි ගුණාත්මක භාවය හා හැඩය නිර්මාණය කළේ ඔහු සහ වන්දනා ශිවාය.. ” පරිසරවේදියෙක් කියන්නේ රවී මහා ගහක අතු රිකිල්ලක් කඩාගන මේක ගහ කියලා කියන එකෙකුට නෙමෙයි” මෙය පරිසරවේදියා කියන්නේ කවුද කියන්න එවකට ඔහු භාවිතා කළ වචන ටිකයි.. දයාබර සහොදරයා අපි අදටද අත් නොහළ ඔබ නිර්මාණය කළ මගෙහි යන්නෙමු. කුමන අභියෝගය හමුවේ උවද අප විසින් පවරාගත් ඉලක්කය අත්නොහරින්නෙමු.. ඔබ මිය ගිය පසුද ඔබ නැගූ හඩ නගන්නට මිනිසුන් නිර්මාණය වෙමින් පවතී. ජීවිතය දෙවරක් අපට හමුනොවෙනු ඇත එහෙයින් මේ ජිවිතය සතා සිවිපාවා, බිංකරේ ,වතුර හා මානව සංහතිය වෙනුවෙන් දිය කර හරින්නෙමු.
සුබම දිගු වසන්තයක් ඔබට..
– රවීන්ද්‍ර කාරියවසම්

Leave a Reply

Your email address will not be published.