පැතුම් නිස්සංක විස්සයි – 20 පිතිකරුවන් අතර 09 ස්ථානයට

විස්සයි – 20 තරඟ වළ ලොව හොඳම පිතිකරුවන් දස දෙනා අතරට ඇතුළත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී ඇති බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අද (03) නිවේදනය කළේය.
මේ අනුව පැතුම් නිස්සංකට පිතිකරුවන් අතර 09 වැනි ස්ථානය හිමිව තිබේ.
මේ වන විට ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලිය ආරම්භ වී ඇති අතර මෙම තරඟාවලියට පෙර ජාත්‍යන්තර විස්සයි – 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 15වැනි ස්ථානය දිනාගෙන සිටි අතර ඉන්දීය තරග සංචාරයේ ඉනිම් 03 කදී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වීමත් සමඟ මෙම ස්ථානය ලැබී තිබේ.
විස්සයි – 20 හොඳම පිතිකරු ලෙස පාකිස්තානයේ බාබර් අසාම් මුල්තැන හිමිකරගෙන ඇති අතර හොඳම පන්දු යවන්නා ලෙස ටබ්රේස් ශම්සි මුල්තැන හිමිකර ගෙන සිටියි.
තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී මුල්තැන හිමිකරගෙන සිටියි.
විස්සයි – 20 ශ්‍රේණිගතකිරීම් හී පළමු දස දෙනා අතර ස්ථානයක් මීට පෙර හිමිව තිබුණේ වනිඳු හසරංගට පමණි. ඔහු පන්දු යවන්නන්ගේ 06 වැනි ස්ථානයේ සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩක ලයිස්තුවේ 10වැනි ස්ථානයේ පසුවෙයි.
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.