කාදිනල් රන්ජිත් හිමිපාණන් අද මිෂෙල් බැචලේ හමුවෙයි

අද (02) මෙරට වේලාවෙන් පස්වරු 02.30ට පමණ ජිනීවා නුවරදී අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මුණ ගැසී තිබේ.
විනාඩි 45ක් පමණ මෙම හමුව සිදුව තිබෙන අතර පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර ගැනීම සහ වින්දිතයින්යට යුක්තිය ඉටුකර ගැනීම පිළිබඳව එහිදී මහ කොමසාරිස්වරිය සමඟ සාකච්ජා කර ඇත.
මේ අතරම පසුගියදා වතිකානුවේදී ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ ද බැහැ දැක පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල වත්මන් තත්ත්වය ගැන කාදිනල් තුමන් කරුණු ඉදිරිපත් කර තිබේ.
කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ කාලයක සිට පවසා තිබුනේ, පාස්කු ප්‍රහාරයට වසර තුනකට වැඩි කාලයක් ගතව ඇතත් දේශීය යාන්ත්‍රණය තුළ යුක්තිය ඉටුවීම ගැන විශ්වාසයක් නොමැති බවත් වින්දිතයින්යින්ට සාධාරණය ඉටුකරවා ගැනීම වෙනුවෙන් මෙම කාරණය ජාත්‍යන්තරය වෙත ගෙන යන බවයි.

Leave a Reply

Your email address will not be published.