“ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියව ගණන් ගන්නේ නැහැ”

 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විවිධ අයගේ කොන්ත්‍රාත් ඉටුකරන කෙනෙක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.
අද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සරත් වීරසේකර සඳහන් කළේ, ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින් පවා ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩ නොකල බවට පවසා තිබියදීත් ඇය ලංකාවට එරෙහිව කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසයි.
මිෂෙල් බැචලේ එලෙස කටයුතු කරන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් බවත් නිදාගෙන සිටින කෙනෙක්ව අවදි කිරීමට හැකි නමුත් බොරුවට නිදාගෙන සිටින කෙනෙක් අවදි කිරීමට නොහැකි බවද බොරුවට නිදාගෙන සිටින මානව හිමිකම් කොමසාරිස්වරිය අවදි කළ නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් මිෂෙල් බැචලේ මහත්මියගේ ප්‍රකාශ තමා එතරම් ගණන් නොගන්නා බව සරත් වීරසේකර ඇමතිවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published.